Gossips

කාන්දු වූ තෙල් නළයෙන් තෙල් ගන්න ගිය 20 දෙනෙකු තෙල් නළය පුපුරා ගිණිගෙන දැවෙයි

මධ්‍යම මෙක්සිකෝවේ පිරිපහදුවට ඉන්ධන රැගෙන යන නළයක් පුපුරායාම හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.
මෙම නළයේ කාන්දුවීමක් සිදුවී තිබූ අතර, පසුව එය පුපුරා ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
එලෙස කාන්දුවන ඉන්ධන එක්රැස් කිරීමට පැමිණි ලහුලිල්පෑන් නගරයේ පිරිසක් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.
පිළිස්සුම් තුවාල ලැබූ පුද්ගලයන් 44 දෙනෙකු මේ වනවිට රෝහල් කරා ගෙන ගොස් ඇති අතර ඉන්ධන කාන්දුවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.