Gossips

ඉරණමඩු ජලය, යාපනයට ගෙන යන්න යෝජනා

ඉරණමඩු ජලාශයේ අපතේ යන ජලය යාපනයට රැගෙන යාමට ව්‍යාපෘති යෝජනාවක් සකස් කරන ලෙස උතුර පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉංජිනේරු එන්. සුදාකරන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
පළාත් ආණ්ඩුකාරවරයා ඉරණමඩු ජලාශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක ඊයේ නිරත වුණා.
ඉරණමඩු ජලාශයේ ජල ධාරිතාවයෙන් සියයට 40ක ප්‍රමාණයක් කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නා අතර ඉතිරි සියයට 60ක ජලය මුහුදට ගලා බසිනවා.
මේ හේතුවෙනුයි යාපනයට ජලය රැගෙන යාම සඳහා නව යෝජනාවක් සකස් කරන ලෙසට ආණ්ඩුකාරවරයා දැනුම් දී ඇත්තේ.