Gossips

ට්‍රම්ප් සහ කිම් ජොං අන් අතර, දෙවන වටයේ සාකච්ඡා පෙබරවාරියේ

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර දෙවන වටයේ සාකච්ඡාව පෙබරවාරි මස පැවැත්වෙන බව විදෙස් වාර්තා පවසනවා.
ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් උතුරු කොරියාවට ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ වියට්නාමයේ මෙම සාකච්ඡාව පැවැත්වීමට තමන් තීරණය කර ඇති බවටයි.
දෙරට අතර පළමු වටයේ සාකච්ඡාව පසුගිය වසරේ ජුනි මාස 12 වන දා සිංගප්පූරුවේ පැවැත්වුණා.
එහිදී න්‍යෂ්ටික අවි අත්හදා බැලීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට හැකියාවක් ලැබුණේ නැහැ.
ඒ අනුවයි මෙලෙස දෙවන වටයේ සාකච්ඡා පැවැත්වීමට දෙරටටම තීරණය කරනු ලැබුවේ.