Gossips

එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති අවසන් සහ තුන් වන එක්දින තරඟය ජය ගැනීමත් සමඟ ඉන්දීය කණ්ඩායමට දෙකට එකක් ලෙස එක්දින තරගාවලියේ ජය හිමි වුණා.
මෙල්බර්න් හි ඊයේ පැවති මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 48යි පන්දු 4ක් තුළ සියළු දෙනා දැවී ලකුණු 230ක් රැස් කළා.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩකයින් පන්දු වාර 49යි පන්දු දෙකක් තුළ දී කඩුලූ 3ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කළා.