Gossips

වෙලම්බඩ දී කසල තේ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ගම්පොළ – වෙලම්බඩ – දළුකොටුව මංසන්ධියේදී කසල තේ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගම්පොළ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් මාර්ගයේ ගමන්ගත් ලොරි රථයක් ඊයේ පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම කසල තේ තොගය හමුවී ඇත්තේ.
පාර්සල් 168ක ඇසුරුම් කර තිබූ කසල තේ කිලෝග්‍රෑම් 3847ක් මෙහි තිබී සොයාගෙන තිබෙනවා.