Gossips

සිරියාවට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 20 දෙනෙකු මරුට

සිරියාවේ අල් – බැග්ෂු – අල් තනානි ගම්මානයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ප්‍රදේශයේ ක්‍රියාත්මක ත්‍රස්ත කණ්ඩායමක් ඉලක්ක කරමින් ඇමරිකානු හමුදා ඊයේ මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
ජීවිතක්ෂයට පත්වූවන් අතර කුඩා ළමයින් සහ කාන්තාවන් ද වනවා.