Gossips

දුමින්ද දිසානායක, ඥානසාර හිමිගේ සුවදුක් විමසයි

දැනට සිර දඬුවම් විදිමින් සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජාතික නිදහස් දිනය යෙදෙන පෙබරවාරි 4 වන දා නිදහස හිමි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද වැලිකඩ බන්ධනාගාරයට ගොස් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සුව දුක් විමසීමෙන් අනතුරුව අද මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.