Gossips

සේනා මඩින්න තායිලන්ත සහය

සේනා දළඹුවන් මර්දනය කිරීම සඳහා තායිලන්තයේ සහය ලබා ගැනීමට තීරණය කර ඇති බව සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ පවසනවා. මහනුවර අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර, සේනා දළඹුවන් මර්දනය කිරීමට සියළු පාර්ශවයන් සහය ලබා දිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න අද දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.
සේනා දළඹු විශේෂය වැඩි බලපෑම් එල්ල කර ඇත්තේ බඩ ඉරිඟු වගාවටයි.
එම නිසා බඩ ඉරිඟු වගා කරනු ලබන ගොවීන් මෙන්ම බඩ ඉරිඟු අලෙවි කරන පුද්ගලයින් ද පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.
ගොවීන් පවසන්නේ නිර්දේශිත කෘෂි රසායන යෙදුවත් දළඹුවන් මර්දනය නොවන බවයි.