Gossips

හිරෝෂිමාවට උල්කා වැස්සක්

2020 වසරේදී හිරෝෂිමා නගරය කේන්ද්‍ර කරගෙන උල්කා වර්ෂාවක් ඇති කිරීම සදහා කෘත්‍රිම උල්කාෂ්ම රැගත් චන්ද්‍රිකාවක් ජපානය අද උඩුගුවනට යොමුකළා.
එම උල්කාෂ්ම පෘථිවියට දැවෙමින් පතිත වනු ඇත්තේ චමත්කාරජනක උල්කාෂ්ම වර්ෂාවක් ලෙසින්.
කෙසේ නමුත්, මෙම කෘත්‍රිම උල්කාෂ්ම නිර්මාණය කළ ආකාරය ජපාන විද්‍යාඥයන් හෙළිදරව් කර නැහැ.
එමෙන්ම, ඒවා පෘථිවි වායුගෝලයට පිවිසෙන විට මුළුමනින්ම දැවී යාම නිසා වායු දූෂණයක් සිදුනොවන බව ද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.