Gossips

ඇතා කළ පහරදීමෙන් ඇත් ගොව්වා මියයයි (ඡායාරූප)

පෙරහරකට රැගෙන විත් තිබු ඇතෙකු කළ පහරදීමෙන් ඇත් ගොව්වා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දෙබරවැව ප්‍රදේශයේ විහාරස්ථානයක නවම් පෙරහැරක් සඳහා රැගෙන විත් තිබු මෙම හස්තියා තිස්සමහාරාම රජමහා විහාරයේ සමන් නැමති හස්තියා බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඊයේ (24) සවස ඇතා කළ පහරදීමෙන් මියගොස් ඇත්තේ කතරගම ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි දෙදරු පියෙක්.
ඔහු වසර 10 ක පමණ කාලයක සිට මෙම ඇතා රැක බලා ගැනීමේ කටයුතු සිදුකර ඇතැයි සඳහන්.
ඊයේ (24) සවස පෙරහර සඳහා ඇතා නාවා පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේ ඔහුට පහරදී තිබෙනවා.
අසල සිටි පිරිසගේ කෑ ගැසීමෙන් පසු ඇතා ඉවත් කර ඇත් ගොව්වා දෙබරවැව රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී බරපතල තුවාල ලබා සිටි ඔහු මියගොස් ඇතැයි අප වාර්තාකරු ප්‍රකාශ කළා.
මියගිය පුද්ගලයාගේ පියා ද මීට වසර කිහිපයකට ඉහතදී කතරගම කිරි වෙහෙරේ සිටි අලියෙකුගේ පහරදීමෙන් මියගොස් ඇතැයි ද අනාවරණ වී තිබෙනවා.

ඡායාරූප – හම්බන්තොට සනත් ගමගේ