Gossips

එඩින්බරෝ ආදිපාදවරයාගේ මෝටර් රථය අනතුරකට ලක්වෙයි

බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් රැජිණගේ සැමියා වන එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරු අනතුරකට ලක්ව තිබෙනවා.
ඔහු පදවාගෙන ගිය මෝටර් රථය බකිංහැම් මාළිගාව ආසන්යේදී තවත් මෝටර් රථයක ගැටීමත් සමඟ එය මාර්ගයෙන් ඉවතට විසි වී පෙරළී ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
97 හැවිරිදි පිලිප් කුමරු අනතුරෙන් දැඩි කම්පන තත්ත්වයකට පත්ව ඇති අතර, අනෙක් මෝටර් රථයේ සිටි දෙදෙනා ද තුවාල ලබා තිබෙනවා.