Gossips

ජැක් ඩොරන්ගේ ස්වීප් පහරින් අබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස්ට ඕස්ට්‍රේලියානු තරඟාවලිය අහිමි වෙයිද ?

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පැවැත්වෙන තුන් දින පුහුණු තරඟය අතර තුර අබාධයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්ගේ තත්වය බරපතල නොවන බව ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනල්ඩ් පවසනවා.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රසල් මේ බව පවසා තිබෙනවා.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජැක් ඩොරන් එල්ල කළ ස්වීප් පහරක්, ෂොර්ට් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස්ගේ දකුණු අතේ ඇඟිල්ලක වැදීමෙන් අබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වීමට ඔහුට සිදු වුණා.
කෙසේ වෙතත් ඔහුගේ ඇඟිල්ලේ අස්ථි බිඳීමක් හෝ පිපිරීමක් සිදුව නොමැති බව සිදුකළ පරීක්ෂණ වලදී තහවුරු වී තිබෙනවා.
ලබන 24 වනදා දෙරට අතර අරම්භ වන පළමු ටෙස්ට් තරඟයට කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරනු ඇතැයි ඕස්ට්‍රේලියාවෙන් තොරතුරු වාර්තා වනවා.