Gossips

අනුරාධපුර, නුවර වැවේ ඔරුවක් පෙරලී අතුරුදන්වූ පුද්ලයෙකු සොයා මෙහෙයුම්

අනුරාධපුර, නුවර වැවේ ඔරු පැදීමට ගොස් ඔරුව පෙරලී අතුරුදන්වූ ගිය පුද්ගලයෙකු සොයා විමර්ශන ආරම්භ වී තිබෙනවා.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක් . ඔහු මිහින්තලේ ප්‍රදේශයේඇඟලුම් කම්හලක, නිෂ්පාදන කළමණාකරුවෙකු වශයෙන් සේවය කළ දෙදරු පියෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම පුද්ගලයා ඊයේ (17) රාත්‍රියේ තවත් පුද්ගලයෙකු සමග නුවර වැවේ ඔරු පැදීමට ගොස් ඇති අතර වැව මධ්‍යයේදී ඔරුව පෙරළි තිබෙනවා.
ඔරුව පැදවූ අනෙක් පුද්ගලයා පිහිනා දිවි බේරාගෙන ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
ඊයේ (17) රාත්‍රියේ සිට අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර මෙතෙක් ඔහුගේ සිරුර සොයාගැනීමට හැකිවී නැහැ.
අද (18) නාවික හමුදා කිමිදුම්කරුවන් ද අතුරුදන්වූ පුද්ගලයා සෙවීමේ මෙහෙයුමට එක්ව ඇති අතර අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.