Gossips

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය තරුණයන් 20 ක් අත්අඩංගුවට (ඡායාරූප)

කේරළ ගංජා සහ අධි මාත්‍රාවේ වේදනා නාශක මත්පෙති රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 20 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකය ඊයේ පස්වරුවේ වටවල දියගල ප්‍රදේශයේ සිදු කළ හදිසි මෙහෙයුමකදීයි ඔවුන් අත්අඩංගුවට ගැනුනේ.
ඊට හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ කෝරා සුනඛයාගේ ද සහය ලැබී තිබෙනවා.
අත්අඩංගුවට පත්වුවන් අවුරුදු 20 සහ 30 අතර වයස්වල පසුවන්නන් අතර ඔවුන් කොළඹ, මහරගම, කුරුණෑගල, පිළියන්දල, මහනුවර, දෙහිවල සහ රාගම ප්‍රදේශවල පදිංචිකරුවන්.
සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ