Gossips

දෙමටගොඩ තෙල් සංස්ථා සිද්ධියට රිමාන්ඩ් භාරයේ සිටි පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීට ඇප

දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ ඔහු අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එමෙන්ම, මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීයා ලබන මස පළමුවනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි විනිසුරුවරිය නියෝග කළේ.
පසුගිය වසරේ ඔක්තෝම්බර් 28 වනදා හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා.