Gossips

කලා ඔයේ බේරා ගැනීමේ මෙහෙයුම

ආසියා පැසිෆික් ආපදා කළමණාකරණ සංවිධානය විසින් සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු වැඩසටහනක් නාවික හමුදාව සමග ඒකාබද්ධව නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරනු ලැබුවා.
පුහුණු වැඩසටහනේ පළමු දින පුහුණු අභ්‍යාස ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සහ කලා ඔය මෝය ආශ්‍රිතව පැවැත්වු අතර ඊට නාවික හමුදා සාමාජිකයන් 18 දෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයන් 7 දෙනෙකු ඇතුලුව පුහුණුවන්නන් 25 ක් ඇතුලත්වුනා.
එහිදී ජලයේ ආපදාවට ලක්වූ පුද්ගලයෙකු බේරා ගැනීම සඳහා ජීවිතාරක්ෂකයෙකු ජලයට ඇතුල්වන්නේ කෙසේ ද, ක්‍රියාශීලී ආරක්ෂක පිහිණුම් ක්‍රම මෙන්ම හදිසි ප්‍රතිචාර යාත්‍රාවක් ජලයේදී අනතුරට ලක්වුවහොත් එය නැවත ක්‍රියාත්මක කර ගන්නා ආකාරය සහ ජීවිතාරක්ෂක උපකරණ හැසිරවීම පිළිබඳ මෙහිදී පුහුණුවක් ලබාදී තිබෙනවා.
ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුව පෞද්ගලික පාවෙන උපකරණ, ආරක්ෂිත හිස්වැසුම්, තෙත් ඇඳුම්, තෙත් පාවහන් සහ වෙනත් නවීන උපකරණවලින් යුත් ජීවිතාරක්ෂක ඇඳුම් කට්ටලයක් භාවි කරන ලද අතර එය පුහුණුවන්නන්ට නව අත්දැකීමක් වු බවයි නාවික හමුදාව සඳහන් කළේ.