Gossips

ශ්‍රී ලංකාවේ කාලගුණය වෙනස් වේ

පසුගිය කාලසීමාවන්ට සාපේක්ෂව ඉකුත් වසරේදී මෙරට කාලගුණ රටාවේ වෙනසක් සිදුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගෝලීය උණුසුම ඉහළ යාම හා දේශගුණික විපර්යාස හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් අතුළ කරුණානායක කියා සිටියේ.
මේ අතර, පවතින ශීත කාලගුණය ඉදිරි දින කිහිපය තුළද අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රීක්කයේ ඇතැම් ස්ථාන වලට අලූයම් කාලයේදී මල්තුහින පතිත වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේ ගෙවුණු දින කිහිපය තුළදී ඩෙංගු රෝගින් 2351 වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා. වැඩිම රෝගින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති අතර, එම සංඛ්‍යාව 587ක්.
ඉන් පසුව වැඩිම රෝගින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ යාපනය දිස්ත්‍රීක්කයෙන් වන අතර, එම රෝගින් සංඛ්‍යාව 499 ක් වනවා.
පසුගියදා උතුරු පළාතට බලපෑ ගංවතුර තත්ත්වය ඩෙංගු රෝගින් සංඛ්‍යාව වැඩිවීමට හේතුවන්නට ඇති බවයි කීට විද්‍යාඥයින් සැක කරන්නේ.