Gossips

ධීවරයෙකු මුහුදේ පාවූ බෝතලයක දියරයක් පානය කිරීමෙන් මියයයි

ගාල්ල ධීවර වරායෙන් මසුන් ඇල්ලීම සදහා මුහුදු ගිය ධීවරයෙක් මුහුදේ පාවෙමින් තිබු බෝතලයක තිබු දියරයක් පානය කිරීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සදහන් කලේ මෙම ධීවරයා පසුගිය 11 වනදා තවත් ධීවරයින් 6 දෙනෙකු සමග රැකියාව සදහා පිටත්ව ගොස් ඇති බවයි.
අනෙක් ධීවරයින් කළ දැනුම් දීමකින් පසුව ඊයේ (24) ගාල්ල දක්ෂිණ නාවික කදවුරේ සෙබඵන් විසින් රෝගාතුර වූ ධීවරයා රැගෙන විත් කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඉන් අනතුරුවයි ඔහු මිය ගොස් ඇත්තේ.