Gossips

දෙමළ ජාතික සන්ධානයට රට පාවා දීමට ඉඩ දිය නොහැකියි – විපක්ෂනායක මහින්ද රාජපක්ෂ

වත්මන් ආණ්ඩුවට බලයේ රැදී සිටීම සඳහා අවශ්‍ය සහයෝගය දුන් පමණින් දෙමළ ජාතික සන්ධානයට රට පාවා දීමට ඉඩ දිය නොහැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ බත්තරමුල්ලේ අද පස්වරුවේ පැවති පුණ්‍යෝත්සවයකදී.
බත්තරමුල්ලල බටපොත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ බෝධිය වටා ඉදිකෙරුණු රන්වැට විවෘත කිරීම සිදුකෙරුණේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.