පුජ්‍ය මහරගම අමතධම්ම හිමියන් විසින් යෝජිත නව ව්‍යවස්ථාවට එරෙහිව ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය අද අවසන් කෙරුණා.
ඒ පැවිදි හඬ සංවිධානයේ නියෝජිතයින් උන් වහන්සේගෙන් කළ ඉල්ලීමකට අනුවයි.
නව ව්‍යවස්ථා යෝජනාවලියට සහ ත්‍රිකුණාමල වරාය ඇමරිකානු නාවුක කඳවුරක් බවට පත් කිරීමට එරෙහිව බොදුහිරු ජාතික සංවිධානයේ පුජ්‍ය මහරගම අමතධම්ම හිමියන් මාරාන්තික උපවාසක් ආරම්භ කර තිබුණේ මීට දින 4කට පෙරයි.
පිටකොටුව බෝධීන් වහන්සේ ඉදිරිපිට මෙම උපවාසය ආරම්භ කෙරුණු අතර ජනාධිපතිෙවරයා වෙත භාර දීම සඳහා සංදේශයකට ජනතා අත්සන් ලබා ගැනීමට එහිදී සිදු කෙරුණා.
මේ අතර, පැවිදි හඬ සංවිධානයේ හිමිවරුන් දෙනමක් අද එම ස්ථානයට වැඩම කර අමතධම්ම හිමියන්ගෙන් ඉල්ලා සිටියේ මාරාන්තික උපවාසය අත්හරින ලෙසයි.