Gossips

සේනා හානි කළ බඩඉරිඟු කෑමට හිතකර බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කියයි

සේනා දළඹුවන් හානි කළ පමණින් බඩඉරිඟු ආහාරයට ගැනීම අහිතකර නොවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.විජේකෝන් පවසනවා.
ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ සේනා දළඹු විශේෂය වී වගාවට හානි කරන දළඹු විශේෂයක් නොවන බවයි.
කෙසේ වෙතත්, වී වගාව ඇතුළු අනෙකුත් කෘෂි බෝග සදහා මෙම දළඹු විශේෂයෙන් බලපෑමක් එල්ල වන්නේ දැයි නිරීක්ෂණයට කීට විද්‍යාඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද ඔහු කියා සිටියා.
කෙසේ වෙතත්, හැටන් – දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුළ බඩඉරිගු අලෙවි කරන්නේ නම් ඒ සදහා විශේෂ අවසරයක් ලබා ගත යුතු බව එම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුම් දී තිබෙනවා.