Gossips

බඹර ප්‍රහාරයකින් සිසුන් 70ක් රෝහල් ගත කෙරේ

ඇල්ල – බල්ලකෙටුව සුගත මහා විද්‍යාලයේ සිසුන් 70 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර තිබෙනවා.
අද පෙරවරුවේ සිසුන් ක්‍රීඩා පිටියේ සිටියදී ඒ ආසන්නයේ තිබූ බඹර කුඩුවක් ඇවිසීමෙන් මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිසුන් 70 දෙනා මේ වන විට දෙමෝදර දිස්ත්‍රික රෝහලට සහ බදුල්ල මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයින් කියා සිටියේ.