Gossips

සබරගමුව සරසවියේ සිසුන් පිරිසක් රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගය, හිදැල්ලන ප්‍රදේශයෙන් අවහිර කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මේ වන විට විරෝධතාවයේ නිරත වනවා.
එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිශ්ශංක ගමගේ කියා සිටියේ දේශපාලනඥයින් පිරිසක් විසින් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විවෘත කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව පවත්වන බවයි.
මේ හේතුවෙන් එම ස්ථානයට පොලීසිය සහ පොලිස් කැරළි මර්දන ඒකකය ද කැදවා තිබෙනවා.
සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය අද විවෘත කිරීමට නියමිතව ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.