Gossips

‘‘සේනා’’ හානිය ගණනය කිරීම ඉදිරි සති දෙකේදී

සේනා දළඹුවාගෙන් වගාවන්ට සිදුවූ හානිය ගණනය කිරීම ඉදිරි සති දෙක තුළ සිදුකරන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් පවසනවා.
ඒ සඳහා කෘෂි නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් යොදවන වන බවත්, එම ගණනය කිරීම් අනුව වගා හානි වන්දි ගෙවීම හෝ රක්ෂණ ගෙවීමට රජය විසින් අවශ්‍ය කටයුතු සිදුකරනු ඇති බවත් පේරාදෙනිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියා.
මේ අතර, ඊයේ සිට දළඹුවා මර්දනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කළ බවයි කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් කියා සිටියේ.