Gossips

විපක්ෂ නායක මහින්දට දෙමළ ජාතික සන්ධානයෙන් ඇරයුම්

විපක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව සමයේ පිහිටවූ සර්වපාක්ෂික නියෝජිත කමිටුව මගින් ඉදිරිපත් වූ යෝජනා නව ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන් ඇතුළත් කිරීමට එකඟත්වය පළ කරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් යාපනයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් සඳහන් කළේ නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට සහය දක්වන ලෙසට විපක්ෂ නායකවරයාටද ආරාධනා කරන බවයි.
‘‘දෙමළ ජනතාවට දේශපාලන විසදුමක් මේ අවුරුද්ද තුල ලැබෙන්න ඕන කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය තෛපොංගල් පණිවිඩයෙන් සදහන් කර තිබුනා. ඉතින් එකට අපි ඔහුට ස්තුති කරනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට ඔහුත් එකතු වෙන්න ඕන කියලයි අපි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ආරධනා කරනවා. රට බෙදිමකට ලක් කරන කිසිදු ආකාරයේ යෝජනාවක් නව ව්‍යවස්ථාව තුල ඇතුලත් වෙලා නැහැ. රට තුල බලය බෙදන යෝජනා පමණයි ඇතුලත් වන්නේ. අපි ඉල්ලන්නේ එකයි. එක රටක් තුල කටයුතු කිරිම කිසිම ගැටලූවක් නැ. අපි කියන්නේ නව ව්‍යවස්ථා ක්‍රියාවලියට හිටපු ජනාධිපතිවරයා එකතු වෙන්න ඕන කියලා. මහින්ද රාජපක්ෂගේ රජය සමයේ සර්ව පාක්ෂික නියොජිත කමිටුව මගින් යෝජනා ඉදිරිපත් කරලා තිබුනා. ඉතින් අපි එකගයි ඒ යෝජනා සම්පුර්ණයෙන්ම නව ව්‍යවස්ථාවට ඇතුලත් කරන්න.’’