මහා සංඝ රත්නයේ ආශිර්වාදය නොලද නව ව්‍යවස්ථාව, පාර්ලිිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය අවධාරණය කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ මෙම ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය සඳහා මහා සංඝ රත්නය හෝ ඔවුන්ගේ නියෝජිතයින් හෝ සම්බන්ධ කරගැනීමට කටයුතු කර නොමැති බවයි.
අතිපූජ්‍ය දිවියාගහ යසස්සී හිමි සභාපතිත්වය දරණ බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙතෙක් ඉදිරිපත් වූ සෑම වාර්තාවකම සහ යෝජනාවලියකම වත්මන් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන 9 වන වගන්තියට විකල්ප යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.
එම සියලූ විකල්ප යෝජනාවල හරය බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්ථානය අකර්මන්‍ය කිරීම බව එහි දැක්වෙනවා.
අදාළ නිවේදනයේ සඳහන් කර ඇත්තේ වත්මන් ව්‍යවස්ථාවට අනුව බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට රජය වෙත වගකීමක් පවරා ඇති අතර, එය ක්‍රියාත්මක කළ හැක්කේ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වශයෙන් පැවතියහොත් පමණක් බවයි.
නමුත් යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතින් යෝජනා කර ඇති රාජ්‍ය ව්‍යුහය ෆෙඩරල් ආකෘතියකින් සමන්විත වන බවත් යම් පළාත් සභාවක් සම්මත කරගන්නා නීතියක් වෙනස් කිරීම හෝ අහෝසි කිරීම ප්‍රායෝගිකව ඉතා දුෂ්කර කාර්යයක් බවට පත්කර ඇති බවද බුද්ධශාසන කාර්ය මණ්ඩලය පෙන්වා දෙනවා.
මෙහි අවසාන ප්‍රතිඵලය උතුර සහ නැගෙනහිර පළාත්වල 9 වන වගන්තිය ක්‍රියාත්මක කිරීමට නොහැකිවන අතර, මෙම කෙටුම්පත සකස් කිරීමට මහා සංඝ රත්නය සම්බන්ධ කරගෙන නොමැති බවටද එම නිවේදනයේ සඳහන්.
එම නිවේදනය මගින් රජයෙන් ඉල්ලා ඇත්තේ යෝජනාවල සඳහන් බොහෝ කරුණු සම්බන්ධයෙන් එකඟවීමට නොහැකි වන හෙයින් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් ඒ සඳහා මහා සංඝ රත්නයේ නියෝජනයද ඇතුළත් ව්‍යවස්ථා සම්පාදන කමිටුවකට එම කටයුතු භාරකරන ලෙසටයි.