Gossips

අද අලුයම රත් කළ ලුණුගල දරුණු අනතුර මෙන්න

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළි එක් අයෙක් මරුට
බදුල්ල ලුණුගල ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළියාමෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (17) අලුයම සිදුවූ මේ අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ ලුණුගල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක්.
අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් 9දෙනෙකු බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු පවසුවේ.
වෑන් රථයේ ගමන් කළ පිරිස ඊයේ (16) දින කළුතර ප්‍රදේශයේ පැවති විසිරයෑමේ උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදීයි මේ අනතුර ලක්ව ඇත්තේ.
ලුණුගල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

(ඡායාරූප – ලුණුගල ප්‍රසන්න පත්මසිරි)