Gossips

උදයංගගේ ඩුබායි ගිණුම ගැන නීතිපති දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට දැනුම්දීමක්

මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ලවන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ ඩුබායි හි පිහිටි ගිණුමකට රුපියල් මිලියන 72කට අධික මුදලක් ප්‍රේෂණය වී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම්දුන්නා.
මීට අදාළ නඩුව කොළඹ – කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ කැඳවූ අවස්ථාවේදි රජයේ අධිනීතීඥ උදාර කරුණාතිලක කියා සිටියේ උදයංග වීරතුංගගේ බිරිඳ, ඇගේ මව සහ සොහොයුරාගේ ගිණුම්වලින් මෙම මුදල් ප්‍රේෂණය වී ඇති බවයි.
එමෙන්ම ඔවුන්ගේ මෙරට බැංකු ගිණුම් කිහිපයකට විදේශ රටවල සිට ඩොලර් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.