රිළවුන් හේතුවෙන් සිය කෘෂිකාර්මික කටයුතු සිදු කරගෙන යාමට නොහැකි වී ඇති බව පවසමින් මහනුවර හේවාහැට ආසනයේ ගම්මාන රැසක ජනතාව අද තලාතුඔය නගරයේ විරෝධතාවක නිරත වුණා.
විරෝධතා පුවරු රැගෙන පෙළපාළියකින් පැමිණි ඔවුන් එහිදී සඳහන් කළේ අවස්ථා ගණනාවකදී බළධාරින්ට මේ පිළිබඳව දැනුම් දුන් නමුත් විසදුමක් නොලැබුණු නිසා මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි.