Gossips

උතුරේ මත්ද්‍රව්‍ය මැඩලීමට ආණ්ඩුකාරවරයා ආගමික නායකයන්ගෙන් සහය ඉල්ලයි

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල යටතේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට ආගමික නායකයන්ගේ උපරිම සහයෝගය බලාපොරොත්තුවන බව උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් පවසනවා.
උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් නතර කිරීම වෙනුවෙන් මේවන විටත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි ආණ්ඩුකාරවරයා සඳහන් කළේ.
නව ධුරය භාර ගැනීමෙන් පසු සර්ව ආගමික නායකයන් හමුවීම සඳහා ආණ්ඩුකාර සුරේන් රාඝවන් කටයුතු කළා.
එහිදී යාපනය නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ විමල හිමියන් සහ නාගදීපයේ විහාරාධිපති පූජ්‍ය නමදගල පද්මකිත්ති තිස්ස නාහිමියන් ද බැහැදුටුවා.
එහිදී නාග විහාරයේ විහාරාධිපති පුජ්‍ය මීගහජඳුරේ විමල හිමියන් සඳහන් කළේ සුරේන් රාඝවන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසට පත් කිරීම ජනාධිපතිවරයා ගත් නිවැරදිම තීන්දුවක් බවයි.
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම පිළිබඳව මෙහිදී ආණ්ඩුකාරවරයා සහ විහාරාධිපති හිමියන් අතර විශේෂයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
උතුරු පළාතේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙලට ආණ්ඩුකාරවරයාගේ ශක්තිය සහ ආශීර්වාදය ද බලාපොරොත්තුවන බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියාසිටියේ.