Gossips

හිටපු LTTE සාමාජිකයින් දෙදෙනෙකුට වසර 10 ක බරපතල වැඩ සහිත සිර දඩුවම්

2007 වසරේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කර එහි නවතා තිබූ ගුවන් යානා 16 ක් විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයින් දෙදෙනෙකුට උතුරුමැද පළාත්බද මහාධිකරණය අද වසර 10 බැගින් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළා.
එම දඩුවම් කාලය වසර 5 කින් ගෙවී යාමටයි මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් නියෝග කළේ.
නඩුව අද කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා නගා ඇති අධි චෝදනාවලට වරද පිළිගැනීමට සුදානම් බව විත්තිකාර හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් දෙදෙනා අධිකරණයට දැනුම් දුන්නා.
මෙලෙස සිර දඩුවම් නියමවූයේ කොටි සංවිධානයේ ගුවන් බලඝනයේ හිටපු ප්‍රබල සාමාජිකයින් දෙදෙනෙකුටයි.