Gossips

ගල්කුලමේ ඉන්ධන පිරවුම්හලක ගින්නක්

අනුරාධපුරය – ගල්කුලම මංසන්ධියේ ඉන්ධන පිරවුම්හලක හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ ඉන්ධන බවුසරයකින් ඉන්ධන නිකුත් කරමින් සිටියදී අද දහවල් මෙම ගින්න හටගත් බවයි.
ගින්න නිවීම සඳහා පොලීසිය, ප්‍රදේශවාසීන්ද එක්වූ අතර, අනුරාධපුරය ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යොදවා තිබුණා.
ගින්නෙන් ඉන්ධන පිරවුම්හල සහ බවුසරය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.