Gossips

ඒකාබද්ධය විරෝධතා මාලාවකට සැරසේ

මහමැතිවරණයක් ලබා ගැනීමේ අරමුණින් එළඹෙන 7 වනදා සිට රජයට එරෙහිව විරෝධතා මාලාවක් ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගගේ ගම්පහ – උඩුගම්පොල නිවසේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගි වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
එම සාකච්ඡාව සදහා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩුලීප් විජේසේකර, නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ සහ ප්‍රසන්න රණවීර එක්ව සිටියා.