Gossips

ගැටුමකින් නාවුල තරුණයින් 3 දෙනෙකු රෝහලේ

නාවුල – හබරගහමඩ ප්‍රදේශයේ තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 3 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
යතුරුපැදියක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ මෙම ගැටුම හටගෙන ඇති අතර, බරපතල තුවාල ලැබූ අයෙකු නාලන්ද රෝහලේ සිට මාතලේ මහරෝහලට මාරු කර යැවුණු බවයි නාවුල පොලීසිය සඳහන් කළේ.
තුවාලකරුවන් තුන්දෙනාට අමතරව තවත් තුන් දෙනෙකු ගැටුමට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.