Gossips

පළාත් කිහිපයකට වැසි වැටෙද්දී, සුළඟේ වේගය තව දුරටත් ඉහළට

දිවයින හරහා නැගෙනහිර, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉදිරි දින කිහිපයේදී තව දුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව සහ මධ්‍යම පළාත්වලත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන අතර සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන පස්වරු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
ඌව පළාතේත් මඩකළපුව සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි අතර වයඹ, නැගෙනහිර සහ බස්නාහිර පළාත්වලත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.