Gossips

අසත්‍ය වාර්තා ගැන, නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පහදයි

ජෛව විවිධත්වයට හානි කරමින් සිංහරාජ වනාන්තරය අභ්‍යන්තරයෙන් මාර්ගයක් සකස් කරන බවට පලවූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව මහවැලි සංවර්ධනව සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවේදීන් සමග අද එම මාර්ගය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙම අදහස් පලකළා.
ලෝක උරුම සිංහරාජ වවාන්තරය අභ්‍යන්තරයෙන් අලුතින් මාර්ගයක් සකස් කරමින් එහි ජෛව විවිධත්වයට හානි සිදුකරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බවට පරිසර සංවිධාන වනජීවී දෙපාර්තමේන්තුවට පසුගියදා චෝදනා එල්ල කළා.
ඒ අනුව ක්‍රියාත්මක වෙමින් පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් කණ්ඩායමක් සමගින් ඊයේ සිංහරාජ ප්‍රවිශ්ඨ මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.