Gossips

ජනපතිගේ පිලිපීන සංචාරයේදී අවබෝධතා ගිවිසුම් 6 ක්

සිව්දින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ පිලිපීනය බලා පිටත්ව ගියා.
පිලිපීන ජනාධිපති රොඩි‍්‍රගෝ ඩුටරේට්ගේ ආරාධනාවකට අනුවයි ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ.
මෙහිදී දෙරට අතර නව අවබෝධතා ගිවිසුම් කිහිපයක අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.
ඊයේ පැවති කැබිනට් හමුවේදී පිලිපීනය සමඟ අත්සන් තැබෙන අවබෝධතා ගිවිසුම් 6 කට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිවුණා.
සංචාරක, විදේශ රැකියා, උසස් අධ්‍යාපන, කෘෂිකර්ම, කෘෂිකාර්මික පර්යේෂණ පශ්චාත් උපාධි පාඨමාලා, ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කෙරෙන ගිවිසුම් 6 කට එහිදි ශ්‍රී ලංකාව සහ පිලිපීනය අත්සන් තැබීමට නියමිතයි.
පිලිපීන ජනාධිපතිවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ද්වි පාර්ශවික සාකච්ඡා හෙට පැවැත්වෙන අතර, මෙම සංචාරයේදී ජනාධිපතිවරයා මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සහ ලොස් බැනෝස් හි පවතින ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වනවා.