Gossips

යාපනයේ කෝවිලක සිදු වූ පහර දීමකින් තරුණයින් දෙදෙනෙකුට තුවාල

යාපනය කොකුවිල් මන්සන්ධියේදී අද (15) දහවල් ආවා කල්ලි සාමාජිකයින් පිරිසකගේ පහරදීමකින් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බව යාපනය පොලිසිය පවසනවා.
කොකුවිල් මන්සන්ධියේ නාච්චිමාර් කෝවිල අසලදී අද දහවල් තරුණයින් පිරිසක් තෛපොන්ගල් දිනය වෙනුවෙන් කෝවිලට පැමිණි අවස්ථාවේදී යතුරුපැදි 5කින් දසදෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ කෝවිල ඉදිරිපිට සිටි පිරිස් වෙතට තියුණු ආයුධවලින් පහරදී ඇති අතර එහිදී තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අදාල පහරදීම හේතුවෙන් තුවාල ලබා ඇත්තේ කොකුවිල් හී පදිංචි තරුණයින් දෙදෙනෙකු වන අතර ඔවුන් මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අදාල පහරදීම ආවා කල්ලියේ බවට සැක පල කරන අතර පහරදීම සිදු කල පිරිස් මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.