Gossips

උතුරේ ආණ්ඩුකාරවරයාගෙන් පොරොන්දුවක්

ලබන වසර වනවිට උතුර පළාතේ සියලූම රාජ්‍ය ආයතනවල කාන්තා නියෝජනය සියයට 50 ක් දක්වා ඉහළ දැමීමට බලාපොරොත්තු වන බව උතුර පලාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් පවසනවා.
තෛයිපොංගල් දින සැමරුමකට යාපනය හින්දු විද්‍යාලයේදී අද එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එම අවස්ථාවට ආගමික නායකයින් සහ ආණ්ඩුකාර ලේකම්වරයා ඇතුලූ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියා.