Gossips

යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට (ඡායාරූප)

දීඹූලාගල දළුකාන ප්‍රදේශයේ යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද උදෑසන 11ට පමණ මෙම අනතුර සිදුව ඇතිබවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් මියගොස් ඇත්තේ දීඹූලාගල, දළුකාන ප්‍රදේශයේ පදිංචිව සිටි 17 සහ 18 හැවිරිදි වියේ පසුවූ තරුණයින් දෙදෙනෙක්.
මනම්පිටියේ සිට අරලගංවිල දෙසට ධාවනය වූ බස් රථයක් ඉස්සර කිරීමට යාමේදීයි යතුරුපැදිය ටිපර් රථයේ ගැටී ඇත්තේ.
අනතුර සිදුකල ටිපර් රථය පළාගොස් තිබෙනවා.
මෙලෙස පළාගිය ටිපර් රථය සහ එහි රියදුරා සොයා අරලගංවිල පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව අප වාර්තාකරු පැවසුවේ.
අනතුර සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.


(ඡායාරූප – මනම්පිටිය නිමල් ජයරත්න )