Gossips

හෙට සිට සුළගේ වේගය ඉහළට

හෙට සිට දිවයින අවට සුළගේ වේගය තරමක් දුරට ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය මෙලෙස ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල පස්වරු දෙකෙන් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
මේ අතර එම ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.