Gossips

දුක්ගැනවිලි සහ අභියාචනා අනිද්දාට පෙර දැනුම් දෙන්නැයි පොලිස් නිලධාරීන්ට සිහිපත් කිරීමක්

පොලිස් නිලධාරීන් වෘත්තිමය වශයෙන් මුහුණදී ඇති විවිධ ගැටළු සම්බන්ධ දුක් ගැනවිලි සහ අභියාචනා අනිද්දාට පෙර දැනුම් දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශය දැනුම් දෙනවා.
ඒ අනුව 011 2 88 72 38 හෝ 011 2 88 77 56 යන දුරකථන අංකයෙන් නීතිය හා සාමය අංශයට හෝ එම අංශයේ ජනපතිට කියන්න තොරතුරු ඒකකයේ දුරකථන අංකය වන 011 2 88 74 74 ට එම ගැටළු යොමුකළ හැකියි.
එමෙන්ම පොලිස් නිලධාරීන්ගේ දුක් ගැනවිලි සඳහා විසඳුම් ලබාදීමේ විශේෂ හමුව මේ මස 24 වනදා බත්තරමුල්ල – සුහුරුපායේ පිහිටි නීතිය හා සාමය පිළිබඳ අංශ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම හමුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මතයි ක්‍රියාත්මක වන්නේ.