Gossips

චීනය සඳේ කපු පැළ කරයි

චීනය විසින් සඳේ අඳුරු පසට යවනු ලැබූ චාන්ගී – 4 ගවේෂණ යානය මගින් රැගෙන ගිය කපු බීජ එහි රෝපණය වී ඇති බව චීන විද්‍යාඥයන් පවසනවා.
කපු මෙන්ම අර්තාපල් බීජ අඩංගු පස් සාම්පල යීස්ට් සහ පළතුරු මැස්සන්ගේ බීජ මෙලෙස චාන්ගි – 4 අභ්‍යවකාශ මෙහෙයුම මගින් සඳ මතට රැගෙන ගොස් තිබෙනවා.
කෙසේ නමුත් මෙම බීජ කුටීරයක් තුළ රෝපණය කිරීමටයි චීන විද්‍යාඥයන් පියවර ගෙන ඇත්තේ.
මෙය සඳ මත ඕනෑම ජීව ද්‍රව්‍යයක් රෝපණය කළ පළමු අවස්ථාව ලෙසද සැළකිය හැකියි.
අනාගතයේ අභ්‍යවකාශ තරණයේ නිරතවන පෘථිවිවාසීන්ට ඔවුන්ගේ ආහාර අවශ්‍යතා සපුරා ගත හැකිදැයි සොයාබැලීම මෙම පරීක්ෂණයේ අරමුණයි.