Gossips

Update : යාපනයේ දී පොලිස් නිලධාරීන් යට කර, පළා ගිය රථය සොයා පරීක්ෂණ

යාපනය – කොඩිකාමම් – කච්චායි ප්‍රදේශයේ වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් 3 දෙනෙකු අනතුරට ලක් කර, පළා ගිය ට්‍රක් රථයක් සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
නීතිවිරෝධී වැලි ජාවාරමක් සිදුවන බවට ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ කොඩිකාමම් පොලිසියේ නිලධාරීන් තුන් දෙනෙකු එම ස්ථානයට ළඟා වී ඇති බව සඳහන්.
එහිදී වැලි පැටවූ ට්‍රක් රථයක් පොලිස් නිලධාරීන් පැමිණෙන අයුරු දැක ඔවුන් අනනතුරට ලක් කොට පළා ගොස් ඇති බවටයි පොලීසිය සඳහන් කළේ. අනතුරට ලක්වූ එම නිලධාරීන් මේ වන විට යාපනය රෝහලේ ප්‍රතිකාර ලබනවා.
Update : Tuesday, January 15, 2019 12.42PM
—————————————————–
යාපනය – කොඩිකාමම් – කච්චායි ප්‍රදේශයේ වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් තිදෙනෙකු අනතුරට ලක් කර, පළා ගිය ට්‍රක් රථයක් සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
නීතිවිරෝධී වැලි ජාවාරමක් සිදුවන බවට ලද තොරතුරකට අනුව ඊයේ (14) රාත්‍රියේ කොඩිකාමම් පොලිසියේ නිලධාරීන් තුන් දෙනෙකු එම ස්ථානයට ළඟා වී ඇති බව සඳහන්.
එහිදී වැලි පැටවූ ට්‍රක් රථයක් පොලිස් නිලධාරීන් පැමිණෙන අයුරු දැක ඔවුන් අනනතුරට ලක් කොට පළා ගොස් ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.
අනතුරට ලක්වූ එම නිලධාරීන් මේ වන විට යාපනය රෝහලේ ප්‍රතිකාර ලබනවා.