Gossips

මුහුදු අශ්වයන් කිලෝ 130ක් සහ මෝර වරල් කිලෝ 500ක් කල්පිටියේ දූපතකින් අල්ලයි

කල්පිටිය – උච්චමුණිය – දූපතේදී ඉන්දියාවේ සිට බෝට්ටු මගින් ගෙන්වූ වියලන ලද තහනම් මත්ස්‍ය කොටස් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරකට අනුව ඊයේ එම ¥පතේ සිදුකළ වැටලීමකදී වියලන ලද මුහුදු අශ්වයන් කිලෝග්‍රෑම් 130ක් සහ මෝර වරල් කිලෝග්‍රෑම් 500ක් පොලීසිය මෙලෙස සොයා ගනු ලැබුවා.
සැකකරුවන් 31 සහ 46 හැවිරිදි වියේ පසුවන කල්පිටිය – පල්ලිවාසල්තුරේ පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මේ අතර, මන්නාරම වෙරලේ තීරයේදී නීතිවිරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 302 ඊයේ නාවික හමුදාව භාරයට ගනු ලැබුවා.
මෙම මුහුදු කූඩැල්ලන් තොගය සොයාගනු ලැබුවේ ඩිංගි යාත්‍රාවක මළු 12 ක අසුරා තිබියදියි.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම මුහුදු කූඩැල්ලන් තොගය යාපනය රේගු කාර්යාලය වෙත භාර දෙනු ලැබුවා.