Gossips

ජනපති පිලිපීනට

5 දින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ පිලිපීනය බලා පිටත්ව ගියා.
සිංගප්පූරු සිල්ක් එයාර් ගුවන් සේවයට අයත් එම්.අයි. 427 දරණ යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිටත්ව ගිය බවයි ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.
පිලිපීන ජනාධිපති රොඩි‍්‍රගෝ ඩුටරේට්ගේ ආරාධනාවකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන අතර, මෙහිදී දෙරට අතර නව අවබෝධතා ගිවිසුම් කිහිපයක අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.
පිලිපීන ජනාධිපතිවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ද්වි පාර්ශවික සාකච්ඡා හෙට පැවැත්වෙනු ඇති.
මෙම සංචාරයේදී මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සහ ලොස් බැනෝස් හි පවතින ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වන ජනාධිපතිවරයා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා සමඟ ද සාකච්ඡාවකට එක්වීමට ද නියමිතයි.
1978 වසරෙන් පසු මෙරට රාජ්‍ය නායකයෙකුට පිලිපීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා හිමි වූ ප්‍රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.