Gossips

යතුරු පැදි අනතුරකින් එක් අයෙකු මරුට

අනුරාධපුර – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ තල්ගහපොතාන ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (14) රාත්‍රියේ සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ කහටගස්දිගිලිය,මොරකැව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි එක්දරු පියෙක්.
මේ අතර,අනුරාධපුර, පුල්ලේයාර් දේවාලය අසලදී කුඩා ලොරි රථයක් මාර්ගය හරහා හැරවීමට යාමේදී ධාවනය වෙමින් තිබු යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් කාන්තාවක් සහ දරුවෙකු තුවාල රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුර සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.