Gossips

සංස්ථා සහ මණ්ඩල ප්‍රධානීන් පත් කිරීමේ අවසන් සාකච්ඡාව හෙට

රාජ්‍ය ආයතන සියයකට වැඩි සංඛ්‍යාවකට දැන පුරප්පාඩුව පවතින ප්‍රධානීන් පත් කිරීම සම්බන්ධයෙන් අවසන් සාකච්ජාව හෙට පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති කාර්යාලයේ විශේෂ කමිටුව සහ ආණ්ඩුවේ නියෝජිතයින් අතර මෙම සාකච්ජාව පැවත්වීමට නියමිතව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
අදාල සාකච්ජාවෙන් අනතුරුව ආයතන ප්‍රධානීන් නම් කිරිම සිදුකිරිමට නියමිතයි.
ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා සහ අදාල විෂයන්ට අදාල අමාත්‍යවරුන් ආයතනවලට ප්‍රධානින් නම් කිරිම සිදු කිරීමට නියමිතයි.
දැනට එම නම් ජනාධිපති කාර්යාලයේ විශේෂ කමිටුව වෙත යොමු කර ඇති බව සඳහන්.
නව ඇමති මණ්ඩලය පත්වී සති තුනකට ආසන්න කාලයක්ගතව ඇතත් රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිිරීම සම්බන්ධයෙන් තවමත් පවතින්නේ ගැටළුකාරී තත්ත්වයක්.
එමෙන්ම, නව පත් කිරිම් නිර්දේශ කිරිමේදි ඊට අදාල නිකුත් කර ඇති චක්‍රලේඛයේ කොන්දේසි සපුරාලීමට නොහැකි වී ඇති බවටයි ආරංචි මාර්ග සඳහන් කළේ.
රාජ්‍ය සංස්ථා හා මණ්ඩල වලට සභාපතිවරුන් පත් කිරිම කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මීට පෙර අමාත්‍යවරුන්ට දැනුම් දී තිබුණා.