වත්තල – හැදල ප්‍රදේශයේදී විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මොහු විසින් විදේශ රැකියා ලබාදෙන බවට පවසා රුපියල් දස ලක්ෂ 50,000ක මුදලක් වංචා කර ඇති බවයි. 
30 හැවිරිදි මෙම සැකකාර ඉන්දීය ජාතිකයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හරිනු ලැබුවා. 
ඊට අදාළ නඩුව යළි නඩුව ලබන මස 4 වන දා කැදවීමට නියමිතයි.



