Gossips

බ්‍රිතාන්‍යයට අද තීරණාත්මක දවසක්

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රික්සිටි ගිවිසුම සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවේ අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී අගමැතිනී තෙරේසා මේ, දරුණු පරාජයකට ලක් වනු ඇති බව විපක්ෂ කම්කරු පක්ෂය පවසනවා.
පාලක කොන්සර්වටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක් ද අගමැතිනී තෙරේසා මේගේ මූලිකත්වයෙන් සැකසූ ගිවිසුම ප්‍රතික්ෂේප කරනු ඇති බව සඳහන්.
එසේ වුවහොත් යුරෝපා සංගමයෙන් තවත් සහන කොන්දේසි ඉල්ලා සාකච්ඡා කිරීමට ඇය බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා බ්‍රසල්ස් නුවරට යාමට බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා යානයක් සූදානම් කර ඇති බවත් එරට පුවත්පතක් සඳහන් කළා.
කෙසේ නමුත් පාර්ලිමේන්තුවේදී අද ලබන පරාජයකදී අගමැතිනිය ඉල්ලා අස්වීමට ඉඩ ඇති බව ද ඇතැමුන් පෙන්වා දෙනවා.